- See more at: http://saamgeadaviya.blogspot.com/2011/12/google-1-facebook-twitter-share-widget.html#sthash.OpyK2h6J.dpuf

Friday, August 7, 2015

තාජුඩීන් සාක්ෂි සමඟ නැගිටියි...!


2012 වසරේ අභිරහස් ලෙස මිය ගිය බව කියන ප‍්‍රසිද්ධ රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුදීන් මහතාගේ මළසිරුර විශේෂඥ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් ඉදිරියේ ගොඩ ගැනීමට නියමිත බව දෙහිවල පොලීසිය කියයි.

මළ සිරුර ගොඩ ගැනීමට නියමිත දිනය හා වේලාව ආරක්‍ෂක හේතූන් මත අනාවරණය කිරීමට නොහැකි බව පරික්‍ෂණ මෙහෙය වන ආරක්‍ෂක අංශ නිලධාරිහු පවසති. ගිය රජයේ දේශපාලන ප්‍රබලතමයකුගේ පුත්‍රයකු 

මේ ඝාතනයේ සැකකරුවකු විය හැකි බව පොලිස් ආරංචි කියයි.

අළුත්කඩේ අංක 03 අධිකරණයේ මහේස්ත්‍රාත් නිශාන්ත පෙරේරා මහතා වෙත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදු කළ විමර්ශන වාර්තා අනුව රගර් කී‍්‍රඩකයා ඝාතනය කළ බව කියති.

වැඩිදුර වාර්තාවක් මගින් රහස් පොලීසිය මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු මළසිරුර යළි ගොඩගැනීමට නියමිතය.

කෲර ලෙස වදහිංසාවට භාජනය කර රගර් කී‍්‍රඩකයා මරණයට පත් කර ඇත්තේ ඔහුගේ ඉළ ඇට වලට තියුණු ආයුධයකින් පහර දී දත් ද කඩා පාදයේ කලවා ප‍්‍රදේශයේ මාංශපේශී වලට වීදුරු කටු වලින් ඇන තුවාල කිරිමෙන් බවද පොලිසිය කියයි. 


මළ සිරුර කොළඹ නාරාහේන්පිට උද්‍යාන පාරේ ගිනි ගෙන තිබූ මෝටර් රථයක් තිබී සොයාගෙන ඇත්තේ 2012.05.16 වන දින අතර එය ඊට දින කිහිපයකට පසු පොලිසිය කළ පරීක්‍ෂණ වලින් පසු අනතුරකින් සිදු වූ මරණයක් බවට තීන්දු කිරීමෙන් අනතුරුව දෙහිවල ජුම්මා මස්ජීඩ් මුස්ලිම් පල්ලියේ භූමදානය කර ඇත.

එම සුසානය සඳහා මේ වන විට පොලිස් ආරක්‍ෂාව යොදවා නීතිපති වරයාගේ උපදෙස් ලබාගැනීමෙන් පසු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හිරාන් රත්නායක මහතාගේ අධීක්‍ෂණය යටතේ රගර් කී‍්‍රඩකයාගේ මළසිරුර යළි ගොඩගැනීම පශ්චාත් පරීක්‍ෂණයක් නැවත සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස රහස් පොලීසිය කළ ඉල්ලිමට උසාවිය අවසර දුන්නේය.

කොළඹ ප‍්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන්, කොළඹ අධිකරණ අතිරේක විශේෂඥ වෛද්‍ය එච්.ඞී.එන්.හේවගේ හා කොළඹ විශ්ව විද්‍යාලයයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව විශේෂඥ වෛද්‍ය කථිකාචාර්ය ජීවා පෙරේරා යන වෛද්‍ය කණ්ඩායම ඉදිරියේ මෙම මළ සිරුර ගොඩ ගෙන පශ්චාත් මරණ පරික්‍ෂණය පැවැත්වීමට නියමිත බව දෙහිවල පොලීසිය කියයි.


එහි තවත් පුවත් පහතින්.

කුරිරු ලෙස වධ දී ඝාතනය කළ රගර් ක්‍රීඩක තජුඩීන්ගේ සිරුර යලි ගොඩ ගැනේ : තජුඩීන්ගේ පවුලේ අය සමග කළ සම්මුඛ සාකච්ඡාවක් .

අමානුෂික ලෙස ඝාතනය කළ ප‍්‍රසිද්ධ රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුදීන්ගේ මළසිරුර විශේෂඥ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් ඉදිරියේ ගොඩ ගැනීමට නියමිතය.

මළ සිරුර ගොඩ ගැනීමට නියමිත දිනය හා වේලාව ආරක්‍ෂක හේතූන් මත අනාවරණය කිරීමට නොහැකි බව පරීක්‍ෂණ මෙහෙය වන ආරක්‍ෂක අංශ නිලධාරිහු ලංකාදීපයට පවසා තිබේ.

අළුත්කඩේ අංක 03 අධිකරණයේ මහේස්ත්‍රාත් නිශාන්ත පෙරේරා විනිසුරු වෙත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ මෙතෙක් සිදු කළ විමර්ශන වාර්තා අනුව තජුඩීන්ගේ මරණය ඝාතනයකි.

මහේස්ත්‍රාත් නියෝග මත මළසිරුර යළි ගොඩගැනීමට නියමිතය.

කෲර ලෙස වදහිංසාවට භාජනය කර රගර් කී‍්‍රඩකයා මරණයට පත් කර ඇත්තේ ඔහුගේ බෙල්ලට තියුණු අවියකින් පහර දීමෙනි. ඉළ ඇට වලට පහර දී ඉල ඇට කඩා තිබී ඇති අතර දත් උගුල්ලා, පාදයේ කලවා ප‍්‍රදේශයේ මාංශපේශී වලට වීදුරු කටු වලින් ඇන තුවාල කොට අස්ථි බිඳ ඇති බව වාර්තා වල දැක්වේ.

මළ සිරුර කොළඹ නාරාහේන්පිට උද්‍යාන පාරේ ගිනි ගෙන තිබූ මෝටර් රථයක් තුල තිබී කිරුලපොන පොලිසිය විසින් සොයාගත්තේ 2012.05.16 වන දින අතර එය මිනීමැරුමක් බව සඟවා රිය අනතුරක් ලෙස පෙන්වීමට බල කරන ලද්දේ එවක කොළඹ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ ඍජු නියෝග මතය. එහිදී නිලධාරීන්ගේ සටහන් පොත් වල තැබූ සටහන් පවා ඉරා දමා ඇතැයි දැනගන්නට තිබේ.

වත්මන් රහස් පොලිස් පරීක්ෂණ මෙහෙයවන්නේ වෝහාරික සාක්කි මත පදනම්ව මිස ඉහත කී පොලිස් පරීක්ෂණයේ විකෘතිය මත නොවේ. විකෘති සටහන් තැබීම ගැන පරීක්ෂණ සිදුකෙළේ නම් විකෘති සටහන් තැබීමට නියෝග දුන් 
නියෝජ්‍ය පොලිස්පති ප්‍රශ්න කිරීමට ලක් කළ යුතුමය.

කෙසේ වෙතත් එකල පොලිසිය කළ විකෘති පරීක්‍ෂණ වලින් පසු රිය අනතුරකින් සිදු වූ මරණයක් බවට තීන්දු කිරීමෙන් අනතුරුව දෙහිවල ජුම්මා මස්ජීඩ් මුස්ලිම් පල්ලියේ භූමදානය කර ඇත.

එම සුසාන භූමිය වෙත මේ වන විට පොලිස් ආරක්‍ෂාව යොදා ඇති අතර නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමෙන් පසු  රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හිරාන් රත්නායක මහතාගේ අධීක්‍ෂණය යටතේ රගර් කී‍්‍රඩකයාගේ මළසිරුර යළි ගොඩ ගෙන පශ්චාත් පරීක්‍ෂණයක් නැවත සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස රහස් පොලීසිය කළ ඉල්ලිමට උසාවිය අවසර දී තිබේ.

කොළඹ ප‍්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන්, කොළඹ අධිකරණ අතිරේක විශේෂඥ වෛද්‍ය එච්.ඞී.එන්.හේවගේ හා කොළඹ විශ්ව විද්‍යාලයයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව විශේෂඥ වෛද්‍ය කථිකාචාර්ය ජීවා පෙරේරා යන වෛද්‍ය කණ්ඩායම ඉදිරියේ මෙම මළ සිරුර ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතය.

මෙලෙස නීත්‍යාණුකූලව මේ කටයුතු සිදුවෙද්දී නීතිඥයෙකුද වන සුසිල් ප්‍රේම් ජයන්ත ප්‍රසිද්ධියේ කියා සිටියේ මෙලෙස මළ සිරුරක් ගොඩ ගැනීම නීති විරෝධී බවයි. සුසිල් මේ ශිෂ්ඨාචාර සමාජයට කෙතරම් නොගැලපෙන්නෙක් දැයි ඒ කතාවෙන් ඔප්පු කෙරිණ.


තජුඩීන් මහතාගේ පවුලේ අය සමග ලයිෆ් සංස්කරණය විසින් පසුගියදා කරන ලද සම්මුඛ සාකච්ඡාවක සිංහල පරිවර්තනයක් පහතින්.

• මෙම සිදුවීම‍ට දැන් වසර 3ක් ගතවෙලා. ඔහුගේ පවුල විදිහ‍ට ඔබලා මෙයට මුහුණදුන් ආකාරය?

 
“වසීම් තවදුරටත් අප අතර නැති බවත් ඔහු සදහටම අපෙන් වෙන්වී ගොස් ඇති බවත් සිතන විටත් අපට එය සිහිනයක් වාගෙයි. ඔහු අපෙන් වෙන්ව ගොස් දැන් වසර 3ක් ගතවී ඇතත් තවමත් ඔහුගේ වියෝව පෑරුණු තුවාලයක් මෙන් අප වේදනාවට පත් කරනවා. වසීම් වගේ තවත් කෙනෙක් අපට නෑ. දැන් සිදුවෙමින් පවතින දේවලුත් සමග අපේ වේදනාව දිනෙන් දින තවත් වැඩි වෙනවා.

ඔහුගේ පවුලේ අයට ඔහුගේ අඩුව විවිධාකාරයෙන් දැනෙනවා. මගේ දෙමව්පියෝ ඉස්සර හිටි අය නෙමේ. ඉස්ලාම් දහම නිසා ඔවුන්ට තමන්ගේ දුක දරාගැනීමට අවශ්‍ය ශක්තිය ලැබී තිබෙනවා.

දුක ටිකකට හෝ අමතක කිරීමට අප නිතරම කාර්යබහුලව සිටීමට උත්සාහ කරනවා. ඔහුගේ වියෝව නිසා දැන් අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.“

• පසුගිය මාස කිහිපය තුල මෙම සිදුවීම දේශපාලන වේදිකාවේ නිරන්තරයෙන් කථාබහට ලක්වුණා. ඒ ගැන ඔබේ අදහස?

“වසීම්ගේ මරණය සිදු වූ දා සිට එය සමාජයේ කථාබහට ලක්වුනු අතර පසුගිය මැතිවරණ සමයේ පටන් එය දේශපාලන විවාදයක් බවට ද පත්ව තිබෙනවා. අප හැමෝම දන්නා විදියට ඔහුගේ මරණය නොවිසඳුනු අභිරහසක්. ඔහුගේ මරණය පිළිබඳ පරීක්ෂණය නිසි පරිදි අවසන් නොවූ අතර එම සිදුවීම පිළිබඳ මතකය දැන් සමාජයෙන් ගිලිහී යමින් තිබෙනවා.

එම නිසා මෙම නඩුව උසාවියේ නැවත විභාග කිරීම සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන ක්‍රියා කල නායකයන් හා ජනතාව මා බෙහෙවින් අගය කරනවා. මෙම සිදුවීම තවදුරටත් ප්‍රහේලිකාවක් නැතහොත් සමාජයේ කතාබහට ලක්වෙන කාරණාවක් පමණක් නොවිය යුතු අතර එය අධිකරණය විසින් අවසාන වශයෙන් ලබාදෙන කුමන හෝ තීන්දුවක් මගින් කෙලවර වියයුතු බව අප තරයේ විශ්වාස කරනවා.

වසීම් අපෙන් වියෝ වූ බවට සිත හදාගැනීමට හැකි වන්නේ එවිට පමණයි. විවිධාකාරයේ පුවත් වලට කන්දෙමින් දිගින් දිගටම මෙලෙසින් පීඩාවට පත්වීම එවිට අවසන් වනු ඇත. දේශපාලන පක්ෂ විසින් තම දේශපාලන වාසි තකා මෙම සිද්ධිය යොදාගැනීම තුලින් ඔහුට හෝ ඔහුගේ පවුලේ අය වන අපට කිසිදු සෙතක් අත්නොවන බව මවිසින් මෙහිලා සිහි කිරීමට කැමැතියි. එබැවින් වසීම්ව දේශපාලන තුරුම්පුවක් බවට පත් කර නොගන්නා ලෙස මා ඉතා කණගාටුවෙන් යුතුව ඉල්ලා සිටිනවා. “

• මෙම තත්වය ඔහුගේ පවුල වශයෙන් ඔබලාට  බලපාන්නේ කෙසේද? 

“ මම කලින් පැවසූ පරිදි,  වසීම්ගේ හදිසි මරණයෙන් අප දැඩි සේ කම්පාවට පත්ව සිටින අතර එම සිද්ධිය දේශපාලන වේදිකාවේ විවාදයට ලක්වීමෙන් හෝ මාධ්‍ය වලින් කථාබහට ලක් විමෙන් සිදුවන්නේ අපේ දුක වැඩිවීම පමණයි. එනිසා අප ඉල්ලා සිටින්නේ ඔහුගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ඨ කර දෙන ලෙසයි. “

• ඔහු සම්බන්ධයෙන්  මෙම ලිපිය කියවන අය සමඟ බෙදාගැනීමට කැමති තොරතුරු මොනවාද? 

“වසීම් කියන්නේ ජීවයෙන් පිරුණු චරිතයක්. ඔහුගේ වයසේ තරුණයෙක් සතු විය යුතු සියලු හැකියාවන් ඔහුට තිබුණා. ඔහු ඉතාම නිහතමානී පුද්ගලයෙක්. ඔහු සැබෑ දේශප්‍රේමියෙක්. ඔහු මේ රටට දැඩි ලෙස ආදරය කලා. ඔහු කිසිවිටකත් අසාධාරණය ඉවසුවේ නෑ. සැමවිටම සමානාත්මතාවය අගය කලා. අපගේ සිනාවත්, ජීවිතයත් ඔහුයි. ඔහුගේ වියෝව කිසිදා  පිරවිය නොහැකි හිස්තැනක් අපේ ජීවිත තුල ඇතිකරලා හමාරයි.“

• ඔබ හිතනවාද බලධාරීන්ට මේ සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් තියෙනවායි කියා?

“ බලධාරින් යනුවෙන් ඔබ හඳුන්වන්නේ සී.අයි.ඩී. ය නම්, ඔවුන් මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා. ඔහුගේ පවුල විදිහට අපි විශ්වාස කරනවා සත්‍යය ලඟදීම හෙලිවී සාධාරණය ඉෂ්ඨ වෙයි කියා. වසර 3කට පෙර සිදුවූ සිද්ධියක් අධිකරණයේදී ක්ෂණිකව විසඳා අවසන් කිරීම අපහසු බව මා පිලිගන්නවා. “

• තාජුදීන් අනුස්මරණ රග්බි තරඟාවලිය නුදුරේදීම පැවැත්වීමට නියමිතයි. ඒ ගැන වැඩිදුර විස්තර?

“වසීම් තාජුදීන් අනුස්මරණ කුසලානය’ අගෝස්තු 8 වන දින දෙවන වරටත් පැවැත්වීමට නියමිතයි. මෙය සංවිධානය කිරීම වෙනුවෙන් එහි සංවිධායක කමිටුවට මෙන්ම වසීම්ගේ හිතමිතුරන්ට මාගේ අවංක ස්තූතිය මේ අවස්ථාවේ දී ඵලකිරීමට කැමතියි.“

• මෙම සිද්ධිය හා ඒ හා බැඳුනු විවිධ ප්‍රවෘත්තීන් සම්බන්ධයෙන් දේශපාලන අධිකාරියෙන් ඔබ ඉල්ලා සිටින්නේ කුමක්ද?

“මාගේ කාරුණික ඉල්ලීම මගේ සොහොයුරාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ඨ කර දෙන ලෙසයි. මාගේ ඉල්ලීම වන්නේ සාධාරණය ඉෂ්ඨ වීමට නම් මෙම සිදුවීම තවදුරටත් නොවිසදුනු ප්‍රෙහේලිකාවක්, විවාදයට තුඩු දුන් කථා පුවතක් හෝ රට පුරා කථා බහට ලක්වෙන මාතෘකාවක් පමණක් නොවී මෙම නඩුව විසඳා අවසන් කල යුතු බවයි.


එම නිසා මෙම නඩුව නැවත විභාග කිරීමට අවශ්‍ය කටයුතු කළ නායකයන්ට හා ජනතාවට මාගේ ස්තූතිය පලකරන අතරම ඔහුගේ මරණය දේශපාලන කථිකාකවතක් කර නොගන්නා ලෙසත් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. “

• තාජුදීන් ගේ මරණය රිය අනතුරක් ලෙස හඳුන්වා ඇති තත්වයක් තුල ඔබ විසින් අපේක්ෂා කරන්නේ කවරාකාරයේ සාධාරණයක්ද?

“මෙම නඩුව තවමත් විභාග කොට අවසන් වී නොමැති නිසා මා කියා සිටින්නේ තාජුදීන්ගේ මරණය ඝාතනයක් නම් ඊට වරදකරු නීතිය ඉදිරියට පමුණුවා නිසි දඬුවම් ලබා දිය යුතු බවයි. මාගේ විශ්වාසය පරිදි නීතිය ඉදිරියේ සෑම පුරවැසියකුම සමාන විය යුතුයි. 


අවසන් වශයෙන් මා පතන්නේ මෙවන් දුකක් තවත් මවකට හෝ පවුලකට කිසිදා අත් නොවේවා කියායි. එසේම කිසිදු අයෙක් මෙවන් අවාසනාවන්ත මරණයකට ලක් නොවේවා කියාත් මා ප්‍රාර්ථනා කරනවා. “

•  ඔබ වචන 3 කින් වසීම් හඳුන්වන්නේ කෙසේද? 

“වචන වලින් කිවනොහැකියි“

සමලිංගික ප්‍රේමය ශෝචනීය ලෙස කෙලවර වෙයි (වීඩියෝ)


සමලිංගිකත්වය සම්බන්ධයෙන් ලංකාවේ නම් විවිධ මත තියෙනවා. නමුත් යුරෝපියානු රටවල නම් සමලිංගිකත්වය කියන්නේ ඒ තරම් දෙයක් නෙවෙයි. කොහොම වුණත් මේ කියන්න යන්නේ සමලිංගික පෙමක් කණගාටුදායක අයුරින් අවසන් වෙච්ච සිද්ධියක් ගැන.

මේක කියනවාට වඩා වීඩියෝව නරඹුවානම් අවසානය කොහොමද කියලා දැකගන්න පුළුවන් වෙයි.

එම වීඩියෝව පහතින් නරඹන්න.
click here http://j.gs/6JqK

අනේ හාමුදුරුවනේ එයාට කව්ද දන් නෑ මෛතී‍්‍ර කියල නම දැම්මේ නේද - ගීතා අහයි.


“අනේ හාමුදුරුවනේ එයාට කව්ද දන් නෑ මෛතී‍්‍ර කියල නම දැම්මේ. අනේ මට එක දෙයයි දැන ගන්න ඕනේ.කොහෙන්ද මේ නම හොයා ගත්තේ කියලා වෛරක්කාරයෙකුට මෛතී‍්‍ර කියල නම දැන්මාම හැබෑවටම මෛත්‍රී කරන මිනිහට කියන්නේ මොකක්ද? මෙයා පට්ට වෛරක්කාරයෙක්.

අහු වෙච්ච අහු වෙච්ච එකා උස්සන් ගිහින් හිරේට දානවා. මම ගියා නොමිනේෂන්වලට අපේ තිබ්බ සම්මුඛ පරීක්ෂණයක්. මම ගිය ගමන්ම

කිව්වා මම මහින්දවාදියෙක්. මම ගාල්ල දිස්ති‍්‍රක්කය නියෝජනය කරන එකම කාන්තාව. මාව කපල තිබ්බොත් මුළු ගාල්ල දිස්ති‍්‍රක්කයේම සියලු කාන්තාවෝ තමුන්නාන්සේලාට එරෙහිව යයි. 

ඒ පාර කිව්වා මෙයාව නම් කපල බෑ කියලා. දැන් ඉතින් අපේ වාරේ” යයි එජනිස ගාල්ල දිස්ති‍්‍රක් අපේක්ෂිකා ගීතා කුමාරසිංහ මහත්මිය ඉකුත්දා වඳුරඹ නගරයේ පැවති ජන රැලියකදී පැවසීය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ ගීතා කුමාරසිංහ මහත්මිය,


“එදා ජනවාරි අට වෙනිදා අපේ ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ අපි සියලු දෙනා කම්පනයට පත් උනා. අපට දේශපාලනය එපා උනා. ඒත් තමුන්නාන්සේලා ලොරි, බස් අරගෙන ගිහින් අපේ නායකයට ජනාධි පතිතුමාට අඬ අඬ කිව්‍වම අාපහු අපිව බේරගන්න කියල එතුමා දැන් ඇවිත් ඉන්නවා. එතුමාට ලොකු වැඩ කොටසක් තියනවා කරන්න.


අද ඔබලා දන්නවා පිං අගමැති පිං කියන්නේ අපේ හමුදුරුවනේ අර
පිංගොනා පිංහරකා වගේ පිං අගමැතිට පිනාට අපි එයාට කියනවා 17 වෙනිදට බඩුත් අරන් අරලියගහ මන්දිරයෙන් යන්න කියල.

මහින්ද රාජපක්ෂ දිනාගත් දේශය යලි ගොඩනගන්නට එතුමාට නැවත බාරදෙන්න කියල. අද සංවර්ධන වැඩ නතර වෙලා. පිට්ටනි පාරවල් පාසල් සියලු දේ නතරවෙලා. මතකනේ අර මගේ ආසනයේ ඉන්නව ගයන්ත මහත්තය එයා ආව ඉස්කෝලයක් විවෘත කරන්න මම එයාට දුන්න දුවන්න. ඒවා කොහෙද අපි හදපුව එයාල විවෘත කරන්නේ. අපි ඕන ජාතියකට ඕට්ටූයි. ” යනුවෙන් පැවසුවාය.

උපන්දින සාදයේ ඇත්ත මෙන්න..! - හිටපු ඇමති බෝගොල්ලාගමගේ දියණිය හෙළිකරයි..!


හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට පසුගිය කාලයේදී එල්ල වූ චෝදනා කිහිපයක් පිලිබඳ ඔහුගේ දියණිය වන වෛද්‍ය දිල්ෂාණී බෝගොල්ලාගම විසින් දක්වන පැහැදිලි කිරීමක් ඇය විසින් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

තම පියා පිළිබඳව ජනතාව වෙත ඉදිරිපත් කොට ඇති වැරදි සහගත දෝෂාරෝපණ සහ චෝදනා පිළිබඳව කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන් එම වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරීමට තීරණය කළ බව ඇය පවසා සිටි
නවා.

ඇය විසින් පැහැදිලි කරන කරුණු කෙටියෙන් මෙසේයි,

2008 දී නිව්යෝක්හි පැවැත් වූ ඇගේ උපන්දින උත්සවය වෙනුවෙන් සැකසූ උපන්දින කේක් ගෙඩිය සඳහා ඇමරිකන් ඩොලර් 30,000 ක් 

වැය වූ බවත් වොෂින්ටන් වල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් එයට මුදල් ගෙවන ලෙස ඉල්ලා සිටි බවට බෝගොල්ලාගම මහතාට චෝදනා නැගුණා.

ඒ පිලිබඳ අදහස් දක්වන දිල්ශාණි බෝගොල්ලාගම මෙනෙවිය පවසන්නේ 2008 වසරේ ඇගේ උපන්දිනයදා ඇගේ මව්පියන් සමඟ ඇය නිව්යෝක් නගරයට ගොස් සිටි බව සත්‍ය වන නමුත් ඒ සඳහා වැය කළේ ඇගේ පෞද්ගලික මුදල් බවයි. 


ඇය නැවතී සිටි හෝටල් කාමරයට එම හෝටලයෙන් උපන්දින තිළිණයක් වශයෙන් කේක් එකක් ඒවා තිබූ නමුත් ඒ සඳහා තානාපති කාර්යාලයෙන් මුදල් ගෙවීමක් සිදු වූවේ නැති බව බෝගොල්ලාගම මෙනෙවිය පවසා සිටියි. 

එම කේක් ගෙඩියේ වටිනාකම ඩොලර් 30,000 ක් නොවූ බවද මාධ්‍ය වලින් වාර්තා වූවා සේ ඇය වෙනුවෙන් උපන්දින සාදයක්ද එහිදී නොපැවැත්වූ බව ද ඇය සඳහන් කරයි.

කාන්තාවන් දළදා මැදුරේ පහන් දල්වද්දී නැමී ෆොටෝ ගැසූ කාමාතුරයා...


තම ජංගම දුරකතනයෙන් කාන්තාවන්ගේ රහස් ප‍්‍රදේශය ඡායාරූප ගතකල පුද්ගලයෙකු දෙවන වතාවටත් රිමාන්ඩ් කර තිබෙන පුවතක්මහනුවර ශි‍්‍ර දළදා මාළිගාවෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පසුගිය පොහෝ දින මහනුවර ශ‍්‍රි දළදා මාළිගාවේ පහන් දල්වන ස්ථානයේ දී පහන් දල්වමින් සිටි කාන්තාවන්ගේ රහස් ප‍්‍රදේශය තමන්ගේ ජංගම

දුරකථනයෙන් මොහු විසින් ඡායාරූප ගනිමින් සිට ඇති බවයි.

අවුරුදු 33 ක් වයසැති කුරුණෑගල තෙලියගොන්න ප‍්‍රදේශයේ සුරවීර ආරච්චිගේ දොන් සුනිල් සමිපත් සුරවීර නැමති අය දෙවන වතාවටත් මෙම මස 14 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කිරීමට මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඩබ්ලිව් එම් ඒ වසන්ත කුමාර මහතා විසින් ඊයේ (05) නියෝග කළා.

මෙම සැකකරු පසුගිය පොහෝ දින ශි‍්‍ර දළදා මාළිගාවේ පහන් දල්වන ස්ථානයට ගොස් තම අතේ තිබූ ලේන්සුවක් බිම දමා එය අහුලාගන්නා ආකාරයට බිමට පහත් වී  තම අතේ ඇති ජංගම දුරකථනය උපයෝගි කර ගනිමින් කාන්තාවන්ගේ රහස් ප‍්‍රදේශ ඡායාරූප ගනිමින් සිටිය දී දළදා මාළිගා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව මහනුවර පොලිසියේ දූෂණ මර්ධන අංශයට භාර දී ඇති අතර එම අංශය මගින් මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට මෙම මස 01 දින මොහුව ඉදිරිපත් කළා. එහිදී 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබී නැවත ඊයේ (05) අධිකරනයට ඉදිරිපත් කළ අවස්ථාවේදී  මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඩබ්ලිව් එම් ඒ වසන්ත කුමාර මහතා විසින් ඉහත නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙහිදී මහේස්ත‍්‍රාත්වරයා විසින් වැඩි දුරටත් නියෝග කළේ මෙම සැකකරු පිලිබදව මානසික වාර්තාවක් මහනුවර මහරෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයා මගින් ලබා ගෙන අධිකරනයට ඉදිරිපත් කරන ලෙසයි.

මේ පින්තුරය දිහා කැත විදිහට බලන්න එපා.


මිනිසුන්ගේ ඇස්වලට  දකින්න ලැබෙන සමහර දේවල් හරි පියකරුයි. සමහර දේවල් හරි අප්‍රසන්නයි. සමහරු ඇතැම් දේවල් දිහා බලන්නේ හොරෙන්. ඒ වගේම හොර ඇහෙන්. සමහරු නම් විවෘතයි කියලා විවෘත මානසිකත්වයකින් බලන අයත් ඉන්නවානේ. 

මිනිසුන්ගේ ඇස්වලට  දකින්න ලැබෙන සමහර දේවල් හරි පියකරුයි. සමහර දේවල් හරි අප්‍රසන්නයි. සමහරු ඇතැම් දේවල් දිහා බලන්නේ
හොරෙන්. ඒ වගේම හොර ඇහෙන්. සමහරු නම් විවෘතයි කියලා විවෘත මානසිකත්වයකින් බලන අයත් ඉන්නවානේ. කොහොම කොහොම හරි ඇස් දෙකෙන් අපි දකින හැමදෙයක්ම අපි හිතපු දේ තමයි කියලා අපි යම් යම් මතවලට එළඹෙනවා. සමහර වෙලාවට නෑ.. 

එහෙම වෙන්න බෑ කියලත් සැක උපදවන අයත් ඒ වගේ අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා. මේ ඡායා රූපයත් එවැනිම එකක් තමයි මොකක්ද මේ ඡායා රූපය ඇත්තටම මේ ඡායා රූප දෙකම  බලලා අදහසක් ගන්න  ඔබට බාරයි.

මහින්දගේ ෆයිල් ගෙන ගිය තරුණියගේ සෙක්සි ෆොටෝ එලියට


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වෙනි දා පැවැත්වුණු එජනිස ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උළෙලේ දී වේදිකාව මතට නැග ප්‍රතිපත්ති ප්‍රකාශන බෙදා දීම සිදු කළ තරුණියක් පිළිබඳ පසුගිය දිනවල දී මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වුණා.

ඇය 25 හැවිරිදි අයේෂා මධුෂානී නමැති කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි තරුණියක් බව පසුව අනාවරණය වුණා.

එම ඡායාරූප සහ අයේෂාගේ තවත් ඡායාරූප පහතින් නරඹන්න.


10245403_589445747842873_4604176432031898577_n 10300087_589445571176224_4027072803015170564_n 10401976_589447254509389_6725468242577349849_n 10489942_589447344509380_3939296824661108403_n 10534076_589445704509544_2015227649441271613_n 10577202_589445667842881_9161377528538723520_n
11800008_437650869747969_7877325093045115021_n
123 (21)

123 (19) 123 (20)

6425_527948083992640_1799033134_n 1619092_527947873992661_471184610_n

104

157 155

11258153_756182061169240_1984938346125697293_n215258342367381
539 464 518