- See more at: http://saamgeadaviya.blogspot.com/2011/12/google-1-facebook-twitter-share-widget.html#sthash.OpyK2h6J.dpuf

Friday, August 7, 2015

'ඔප්පු කළොත් බෙල්ල කපා ගන්නවා' - මහින්දගේ අමුතු කතාව


සිය පොරොන්දු පත්‍රිකාවේ තිබෙන සියලු දෑ ඉටුකිරීමට මුදල් තිබෙන බවත්, තමාට අමෙරිකානු ඩොලර් බිලියන 18ක් නොව එක ඩොලරයක් හෝ තිබෙන බව ඔප්පු කළහොත් පිහියකින් බෙල්ල කපා ගන්නා බවත් හිටපු ජනපති, කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

ඔහු මේ බව පැවසූවේ පසුගිය 03වැනි දා හොරණදී පැවැති ජන රැළියක් අමතමිනි. එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසුවා.

"අපේ පොරොන්දු පත්‍රයේ තියෙන සියලු කාර්යයන් කිරීම සඳහා අපට මුදල් තියෙනවා. මුදල් සොයාගන්න හැටි අපි දන්නවා. අනිත් එක

බැරිවුණොත් අර මගේ එකවුන්ට් එකේ තියෙන බිලියන 18 කොහෙන් හරි හොයලා දුන්නම. නිකන් නෙමෙයිනේ අමෙරිකානු ඩොලර් නේ.

විලිලැජ්ජා නැති මිනිස්සු. මම කිව්වා මනුස්සයෝ එක ඩොලරයක් තියෙනා කියලා ඔප්පු කළොත් පිහියක් අරගෙන මගේ බෙල්ල කපාගන්නවායි මම කියලා."

No comments:

Post a Comment