- See more at: http://saamgeadaviya.blogspot.com/2011/12/google-1-facebook-twitter-share-widget.html#sthash.OpyK2h6J.dpuf

Friday, August 7, 2015

පේරාදෙණිය සරසවි සිසුන්ගේ නිරුවත් දිය කෙළියේ ඡායාරූපවල ඇත්ත කතාව...!


පසුගියදා පේරාදෙණිය සරසවියේ සිසුන් පිරිසක් හා තවත් සිසුවියක් සමඟ මහවැලි ගඟට සම්බන්ධ ඔයක දියනෑමට ගොස් එහි අසෝබන ලෙස හැසිරිණු පුවතක් පිළිබඳව වාර්තා වුණා. ඔවුන් විසින් එහිදි මත් පැන්ද පානය කර තිබූ බවට වාර්තා වූ අතර පසුව ගම්වාසීන් පැමිණ ඔවුන්ගේ අශෝබන ක්‍රියාවන් පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබුණා.

එමෙන්ම බීමතින් සිටි තරුණයින් ඔවුන් සමඟ පැමිණි තරුණියගේ නිරුවත් ඡායරූප ලබාගත් බවත් පසුව පොලිසිය පැමිණෙන මොහොතේ එම ඡායාරූප ලබාගත් දුරකථනය ගඟට විසි කළ බවටත් එම වාර්තාවල

වැඩිදුරටත් සඳහන් වුණා.

කෙසේ නමුත් මේ වන විට ගම්වාසීන් විසින් ලබාගත් බවට පැවසෙන අදාල සිසුන් දියනාන මොහොතේ ඡායාරූප හා තරුණියගේ නිරුවත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවෙමින් පවතිනවා.

නමුත් එම ඡායාරූප මෙම සිද්ධිය හා කිසිඳු සම්බන්ධයක් නොමැති ඡායාරූප පෙලක් බව දැනගන්නට ලැබුණා. ඒ අපගේ පාඨකයෙකු විසින් ඒවා තිබූ පුවතකිනුයි. අන්තර්ජාලයේ පළවෙන සරසවි සිසුන්ගේ බවට
පැවසෙන ඡායාරූප ඉන්දියාවේ තරුණයින් පිරිසක් දියනාන අවස්ථාවක කැමරා ශිල්පියෙක් විසින් ලබාගත් ඒවායි. 


එමෙන්ම තරුණියගේ ඡායාරූපය වීඩියෝවකින් ලබාගත් එකක් වන අතර  එයට සම්බන්ධ වීඩියෝවද ඔහු අපවෙත ඒවා තිබෙනවා. එයද ඉන්දියාවේ පටිගත කළ වීඩියෝවක් බවයි පෙනී යන්නේ.

පහත දැක්වෙන්නේ අදාලා සිද්ධිය සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පළවන ඡායාරූප හා එහි සංස්කරණය නොකළ සැබෑ ඡායාරූපයි.


 

තරුණියගේ ඡායාරූප සටහන් වන වීඩියෝව මෙහි පළකිරීමට නොහැකි බැවින් එහි යම් අවස්ථාවල ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින්....



No comments:

Post a Comment