- See more at: http://saamgeadaviya.blogspot.com/2011/12/google-1-facebook-twitter-share-widget.html#sthash.OpyK2h6J.dpuf

Friday, August 7, 2015

ගුවන් යානයේ එන්ජිමට හසුවෙන සේවකයාගේ වීඩියෝවේ ඇත්ත හෙළිවෙයි - නවතම වීඩියෝව


පසුගියදා අන්තර්ජාලය පුරා කා අතරත් කතාබහට ලක්වූ වීඩියෝවක් වූයේ ගුවන්යානයක එන්ජිම තුලට ගුවන් පථයේ ගමන් කරන අයෙකු ඇදී ගොස් මියයන වීඩියෝවකුයි. මේ පිළිබඳව බොහෝ වෙබ් අඩවි ඔස්සේ තොරතුරු වාර්තා කර තිබූ අතරම ෆේස්බුක් ඔස්සේද ඡායාරූප රැසක්ම අනතුර වූ ස්ථානයේ බවට පවසමින් පලකර තිබුණා.

කෙසේ නමුත් දුටු පමණින් එය සත්‍යය වීඩියෝවක් බවට ඔබට සිතුනත් එය සංස්කරණය කර අන්තර්ජාලය ඔස්සේ මුදාහැර තිබූ වීඩියෝවක් 
බවට මේ වන විට වාර්තා වෙනවා.

එහි දැක්වෙන්නේ මුලින්ම සේවකයින් දෙදෙනෙක් යානය ඉදිරියෙන් ගුවන් පථයේ ගමන් කරන අතර පසුව පිටුපසින් තවත් අයෙක් පැමිණෙන ආකාරයයි. වීඩියෝවට අනුව අනතුරට ලක්වන්නේ 3වන පුද්ගලයායි.

නමුත් සැබෑවටම එහි 3වන පුද්ගලයෙක් නොමැති අතර වීඩියෝව සංස්කරණය මඟින් 2වන පුද්ගලයාව නැවත වරක් වීඩියෝවට ගෙන තිබෙනවා. 2වන පුද්ගලයාගේ ඉරියව් හා ක්‍රියාකරකම් සියල්ලම 3වන පුද්ගලයා ඒ අයුරින්ම සිදුකරන ආකාරය ඔබට සැලකිල්ලෙන් බැලුව හොත් දැකගත හැකියි. පරිගණක තාක්ෂණය යොදාගෙන මෙය සූක්ෂම සිදුකර ඇති අතර මේ විට ඒ පිළිබඳව සත්‍ය හෙළිවී තිබෙනවා.

එමෙන්ම මෙම වීඩියෝවේ දැක්වෙන පුද්ගලයින් ගුවන් යානයේ එන්ජිමට බොහෝ දුරකින් ඇවිද යන අතර කිසිසේත්ම එය තුලට ඇදගැනීමේ හැකියාවක් පවතින්නේ නැහැ. මෙහි මුල් වීඩියෝව මීට වසර 5කට පමණ පෙර අන්තර්ජාලයට එක්කර තිබූ එකක් වන අතර මෑතකදී එය සංස්කරණය කර එය අනතුරක් බවට පෙන්වා තිබෙනවා.

සංස්කරණය කළ වීඩියෝව හා සැබෑ වීඩියෝව පහතින් නරඹන්න........
watch video click here http://j.gs/6Jr7
සැබෑ වීඩියෝව.......
click here http://j.gs/6JrA

No comments:

Post a Comment