- See more at: http://saamgeadaviya.blogspot.com/2011/12/google-1-facebook-twitter-share-widget.html#sthash.OpyK2h6J.dpuf

Friday, August 7, 2015

අනේ හාමුදුරුවනේ එයාට කව්ද දන් නෑ මෛතී‍්‍ර කියල නම දැම්මේ නේද - ගීතා අහයි.


“අනේ හාමුදුරුවනේ එයාට කව්ද දන් නෑ මෛතී‍්‍ර කියල නම දැම්මේ. අනේ මට එක දෙයයි දැන ගන්න ඕනේ.කොහෙන්ද මේ නම හොයා ගත්තේ කියලා වෛරක්කාරයෙකුට මෛතී‍්‍ර කියල නම දැන්මාම හැබෑවටම මෛත්‍රී කරන මිනිහට කියන්නේ මොකක්ද? මෙයා පට්ට වෛරක්කාරයෙක්.

අහු වෙච්ච අහු වෙච්ච එකා උස්සන් ගිහින් හිරේට දානවා. මම ගියා නොමිනේෂන්වලට අපේ තිබ්බ සම්මුඛ පරීක්ෂණයක්. මම ගිය ගමන්ම

කිව්වා මම මහින්දවාදියෙක්. මම ගාල්ල දිස්ති‍්‍රක්කය නියෝජනය කරන එකම කාන්තාව. මාව කපල තිබ්බොත් මුළු ගාල්ල දිස්ති‍්‍රක්කයේම සියලු කාන්තාවෝ තමුන්නාන්සේලාට එරෙහිව යයි. 

ඒ පාර කිව්වා මෙයාව නම් කපල බෑ කියලා. දැන් ඉතින් අපේ වාරේ” යයි එජනිස ගාල්ල දිස්ති‍්‍රක් අපේක්ෂිකා ගීතා කුමාරසිංහ මහත්මිය ඉකුත්දා වඳුරඹ නගරයේ පැවති ජන රැලියකදී පැවසීය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ ගීතා කුමාරසිංහ මහත්මිය,


“එදා ජනවාරි අට වෙනිදා අපේ ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ අපි සියලු දෙනා කම්පනයට පත් උනා. අපට දේශපාලනය එපා උනා. ඒත් තමුන්නාන්සේලා ලොරි, බස් අරගෙන ගිහින් අපේ නායකයට ජනාධි පතිතුමාට අඬ අඬ කිව්‍වම අාපහු අපිව බේරගන්න කියල එතුමා දැන් ඇවිත් ඉන්නවා. එතුමාට ලොකු වැඩ කොටසක් තියනවා කරන්න.


අද ඔබලා දන්නවා පිං අගමැති පිං කියන්නේ අපේ හමුදුරුවනේ අර
පිංගොනා පිංහරකා වගේ පිං අගමැතිට පිනාට අපි එයාට කියනවා 17 වෙනිදට බඩුත් අරන් අරලියගහ මන්දිරයෙන් යන්න කියල.

මහින්ද රාජපක්ෂ දිනාගත් දේශය යලි ගොඩනගන්නට එතුමාට නැවත බාරදෙන්න කියල. අද සංවර්ධන වැඩ නතර වෙලා. පිට්ටනි පාරවල් පාසල් සියලු දේ නතරවෙලා. මතකනේ අර මගේ ආසනයේ ඉන්නව ගයන්ත මහත්තය එයා ආව ඉස්කෝලයක් විවෘත කරන්න මම එයාට දුන්න දුවන්න. ඒවා කොහෙද අපි හදපුව එයාල විවෘත කරන්නේ. අපි ඕන ජාතියකට ඕට්ටූයි. ” යනුවෙන් පැවසුවාය.

No comments:

Post a Comment